ලස්සන හීන වලට පණ පොවන්නට

ලස්සන හීන වලට පණ පොවන්නට වෙරදරන මේ ජීවිතේ , ඒ හීන පස්සේ දුවන අපිට හමුවුන සොදුරු නවාතනක් විදියට Rainbow computer School හැදින්වුවොත් මං හරි ඇති .

ඉතින් මං පුංචි අදහසක් මතකයක් විදියට ක්ලාස් එක ගැන මේ විදියට තියන්නම් .

ICTT – NVQ Level 3 – 2023 I කණ්ඩායමට තමා මට ජොයින් වෙන්න ලැබුනේ .
A/l වලින් පස්සේ result එනකල් qualifications හදාගන්න ඕනි වුනත් කොහොමද ඒක කරන්නේ කියලා අදහසක් තිබුනේ නෑ . යාලුවෝ ටික එකතු වෙලා එක එක course හෙව්වා . සමහර course වලට යන්න එන්න අපහසුයි නැතිනම් කෝස් ෆ්‍රී එක වැඩියි .ඒ අතරේ තමා fb එකේ තිබුන post එකකින් rainbow computer School එකේ IT course එක ගැන දැනගන්න ලැබුනේ . ඇත්තටම කිව්වොත් ජයනි තමා කිව්වේ මේ කොස් එක හොද ඇති පොඩ්ඩක් කතා කරලා බලන්නකෝ කියලා ???? . මට වඩා IT ඉගෙනගන්න ගොඩක් ආස කලේ ජයනි . කෝස් එක ගැන වැඩි විස්තර දන්නේ නෑ. තිබුන නම්බර් එකට මැසේජ් එකක් දාලා විස්තර අරගත්තා. ක්ලාස් එක පටන් ගන්න දවසේ ක්ලාස් එකට ගියේ බය වෙලා හරියට තියෙන තැනවත් දැනගෙන හිටියේ නෑ . අද කාලේ විදියට කිසිම දෙයක් විශ්වාස කරන්න බෑ අමාරුයි . මමයි මගෙ යාලුවෝ දෙන්නකුයි තමා ගියේ . අමාරුවෙන් හරි ක්ලාස් එක හොයාගෙන ගිය මුල්ම දවසේ ක්ලාස් එකට එන්න ඕනි අනිවාර්යයෙන් කියන අදහස සර්ලා දෙන්නගේ කතාවෙන් තේරුම් ගියා. ඇත්තටම එදා තමා දැනගත්තේ අපි හරි course එකක් කොහොමද තෝරගන්නේ කියලා ❤️ . යාලුවාගේ උවමනාව නිසා ආව IT ක්ලාස් එකට මටත් එන්න හිතුනා ඒක නම් වාසනාවක්.????
IT ගැන කිසිම දෙයක් දැනගෙන නම් නෙවෙයි ක්ලාස් එකට ගියේ. A/l වලට GIT වලින් ඉගෙන ගත්ත පොඩි කොටසක් විතරයි දැනගෙන හිටියේ. හරියටම ඒත් IT ගැන කිසිම දෙයක් දැනගෙන හිටියේ නෑ. ඒත් හසිත සර් කෝස් එකේදී ගොඩක් දේවල් කියලා දුන්නා. IT සරල විදියට word , excel , power point, Assece prectical එක්කම කියලා දුන්නා. නොතේරුනු දෙයක් නැවත නැවත සරලම විදියට කියලා දුන්නා ???? IT විතරක්ම නෙවෙයි ජීවිතේ සමහර අවස්තාවලට අපි කොහොමද මූණදෙන්න ඕනි , ප්‍රශ්න එක්ක කොහොමද අපි ඉස්සරහට යන්නේ. ඒ තැනට කොහොමද තමන්ව තමන් විසින්ම නිර්මාණය කරගන්නේ වගේ ගොඩක් දේවල් අපිට ජීවිතේ ඉස්සරහට යන්න කියලා දුන්නා. ඕනිම ප්‍රශ්නයක් සර් එක්ක කතා කරන්න පුළුවන් ඒවට සර් ලග අනිවාර්යයෙන් උත්තර තියෙනවා ????️ . ඇත්තටම සර් ගැන නම් කියන්න වචන නැහැ ❤️ .මට හම්බවුන ගුරුවරු අතරින් ගොඩක් හදවතට දැනුන කෙනෙක් සර්.

හසිත සර් වගේම නිලන්ත සර් කියන්නෙත් rainbow ආයතනයේ දී අපිට හම්බවුන හොද ගුරුවරයෙක් . සර්ත් අපිට ගොඩක් දේවල් කියලා දුන්නා .ඒ වගේම අපිට ඉස්සරහට යන්න හොද මාර්ග මොනාද කොහොමද ඒවගෙන් ඉස්සරහට යන්නේ වගේ ගොඩක් දේවල් කියලා දුන්නා. නිලන්ත සර් , හසිත සර් කියන්නෙ අපිට අහම්බෙන් හම්බ වුන හොදම ගුරුවරු දෙන්නෙක් ????❤️

එතකොට IT course එකේ හිටිය අනිත් අය ගැන කිව්වොත් එක එක ප්‍රදේශවල හිටිය ගොඩක් යාලුවෝ එකතු වුන තැනක් . එක එක විදියට යාලුවෝ ගොඩක් එකතු වුනා. නංගිලා මල්ලිලා අක්කලා සම වයසේ අය ඔක්කොම එකට වැඩ ටික කරන් ගිය සොදුරු මතක ගොන්නක් තිබුන තැනක් Rainbow computer School කියන්නේ මට නම් ❤️????
හසිත සර් , නිලන්ත සර් බොහෝ ස්තූතියි සර්ලා දෙන්නට මගේ ජීවිතේ එක qualifications එකක් සාර්ථකත්වය නිම කිරීමට උදව් කලාට. ???????????? ඒ වගේම යාලුවෝ හැමෝටමත් ගොඩක් ස්තූතියි මාස 4ක් වගේ කෙටි කාලයකදී ඔක්කොම එකට වැඩ කලාට. තමන් දන්න දේ තව කෙනෙක්ට කියල දීල උදව් කරාට ????????????????????️❤️

හීන වෙනුවෙන් සටන් කරන හැමෝටම තමන්ගේ ගමන් මාර්ගයේ එක් සුදුසුකමක් ( IT ) හදාගන්න හොදම තැන තමා rainbow ආයතනයේ NVQ පාඨමාලාව . අපි වගේම තවත් බොහෝ පිරිසකගේ IT දැනුම ඔප් නංවාලීමට ආයතනයේ සියලුම ගුරුභවතුන්ට ශක්තිය ධෛර්ය ලැබේවා කියලා මං එක සිතින් ප්‍රාර්ථනා කරනවා ????

මම,
තක්ෂිලා මධුවන්තී .

❤️ සදා රැදීමට නොහැකි නමුත් මේ සංසාරේ හිත බැදි එක් සොදුරු නිවහනක් හද පතුලේ මිහිදන් කර අපේ මතක ගොනුවක් මැදින් ජීවිතේ රංටැබක් වෙත පිය නැගුමට ශක්තිය දුන් ඔබට ආසිරි ❤️

Leave a Reply

Your email address will not be published. Required fields are marked *