2023 Leisure world

2023/09/28 දින අපගේ ආදරණීය දු/දරුවන්ගේ සතුට උදෙසා ඔවුන් Leisure World වෙත රැගෙන ගියෙමු. උදෑසන 4.15 ට ගමන් ආරම්භ කල අප උදෑසන ආහාරය ලබා ගැනීම සඳහා සංඛපාල රජමහ විහාරය වෙත ගියෙමු. උදෑසන ආහාර ලබා ගත් පසු නැවතත් Leisure World වෙත ගමන් ආරම්භ කලෙමු. උදෑසන 10.30 පමන වන විට ගමනාන්තයට ලගා වු අතර ඒ වන විටත් විශාල වර්ශාවක් පතිත වෙමින් පැවැතුණි. තත්වය ඉතාම ඉක්මනින් සමනය වු අතර දරුවන්ගේ අපේකෂා මල් පල ගන්වමින් වර්ශාව නතර වී ක්‍රීඩා කිරීමට සුදුසු පරිසරයක් නිර්මාණය විය.

සවස 5.15 පමණ වන විට සමුහ ඡායාරූපය ලබා ගත් අතර සවස 6ට පමණ නැවත ගමන් ආරම්භ කලෙමු. රාත්‍රී 8.00 පමණ රාත්‍රී ආහාරය ලබා ගත් අතර රාත්‍රී 1.30 පමණ වන විට සාර්ථකව චාරිකාව පටන් ගත් ස්ථානයේදීම අවසන් කරන ලදී. ගමන සාර්ථක කර ගැනීම සඳහා නන් අයුරින් උදවු උපකාර කල සෑම දෙනෙකුටම ස්තුති වන්ත වෙමු.

« of 3 »
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments